--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Wednesday, October 12, 2016

Info Post

අනියම් බිරියගේ 79 හැවිරිදි මව රැයක් පුරා දූෂණය කළ පුද්ගලයෙක්

අනියම් බිරියගේ හැත්තෑ නව (79) හැවිරිදි මව නිවෙසේ පිහිටි ගසක් යටට ඇදගෙන ගොස් රැයපහන් වනතුරු කෙලෙසූ පනස් හැවිරිදි නරුම බෑනකු අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලය පොලිසියේ ළමා කාන්තා කාර්යාංශය හා අපරාධ විමර්ශන අංශය ඊයේ (11දා) දහවල් පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
මිහින්තලය 
වැලිඔය කොලනිය රඹෑව පදිංචි 79 හැවිරිදි සිවුදරු මවක් මෙලෙස දූෂණයට ලක්ව තිබෙන බව පොලිසිය පැවැසුවේය. අනියම් සැමියා සමඟ ජීවත්වන දියණියගේ නීත්‍යනුකූල සැමියා සමඟ අතවරයට පත් කාන්තාව පොලිස් ස්ථානය වෙත පැමිණ කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇති අතර 50 හැවිරිදි සැකකරු මැදවච්චිය ප්‍රදේශයේ සිටින බවට පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.
මීට දින පහකට පමණ ඉහතදී දරුවකු ලැබීමට සිටින සැකකරුගේ අනියම් බිරිය හදිසියේ රෝගාතුර වී ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර වයෝවෘද්ධ කාන්තාව පදිංචිව සිටින නිවෙසට සැකකරු රාත්‍රියේ බීමතින් පැමිණ ඇති බව පොලිසිය පැවැසීය.
සැකකරු 79 හැවිරිදි නැන්දම්මාට අයුතු යෝජනාවක් සිදු කර ඇති අතර ඇය ඊට විරෝධය පළ කළ අවස්ථාවේ ඇයව නිවෙස පිටුපස පිහිටි සියඹලා ගසක් යටට ගෙනවිත් රැය පහන්වන තුරුම ඇයට විවිධ හිංසාවන් සිදුකරමින් කෙලෙසා ඇති බවද පොලිසිය පැවැසීය.
අතවරයට පත් කාන්තාව අනුරාධපුර නගරයේ අවන්හලක සේවය කරන දියණියගේ නීත්‍යනුකූල සැමියාට සිදුවූ විස්තරය පවසා ඔහු සමඟ පොලිසියට පැමිණ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි. දැනට අනියම් සැමියා සමඟ දිවිගෙවන කාන්තාවට නීත්‍යනුකූල සැමියාගෙන් දරුවන් තිදෙනකු සිටින බවත් ඉන් දෙදෙනකු ළමා නිවාසයක සිටින බවත් පොලිසිය පැවැසුවේය. අනෙක් දරුවා 79 හැවිරිදි මිත්තණිය සමඟ නිවෙසේ සිටින බවද පොලිසිය පැවැසීය.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්මාල් රත්නායක මහතාගේ උපදෙස් මත ළමා කාන්තා කාර්යාංශය හා අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ සිදුකරයි.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය


0 comments:

Post a Comment