--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Wednesday, October 12, 2016

Info Post

ලකුණකට 57000 ක් වැටුප් උපයන (අ)සාර්ථක ක්‍රීඩකයො අපට ඉන්නවා -ඇමති දයාසිරි හෙළි කරයි

ලකුණකට 57000 ක් වැටුප් උපයන
(අ)සාර්ථක ක්‍රීඩකයො අපට ඉන්නවා

-ඇමති දයාසිරි හෙළි කරයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක මාෆියාව ගැන විශේෂ පියවර ගන්නට සූදානම් වන ඇමති දයාසිරි ජයසේකර  ඊයේ බීබීසියට හෙළි කර සිටියේ ඇතැම් අසාර්ථක ක්‍රීඩකයන්ට ගෙවන මුදල දැනගතහොත් ඔවුන්ගේ කඩුල්ල දැවී පැමිණෙන විට ගල් ගැසීමට පවා ක්‍රීඩාලෝලීන් පෙළඹෙනු ඇති බවයි.
"එක ක්‍රීඩකයෙක් ඉන්නවා ඔහුගේ ගිය අවුරුද්දේ ආදායම රුපියල් මිලියන 57යි. ගහපු ලකුණු ගාන බැලුවහම
එක ලකුණකට ක්‍රිකට් ආයතනය රුපියල් 57,000ක් ගෙවලා තියෙනවා. තව කෙනෙක් ඉන්නවා රුපියල් මිලියන 73ක් උපයලා. ඔහුගේ ලකුණකට රුපියල් 26,000 ක් ගෙවනවා.සමහර ක්‍රීඩකයෝ ඉන්නවා ලකුණු ගහන්නෙත් නැහැ. හැබැයි හැමදාම මිලියන 50ක් 75ක් ගන්නවා.
ක්‍රීඩකයෝ දැනගන්න ඕන දක්ෂතාවලට යන්න. ලකුණු නොගහ මේ වගේ පඩි ගන්න අයගෙ පඩි ගැන දන්නව නම් ප්‍රේක්ෂකයො කඩුල්ල දැවී පැමිණෙන විට ගල් ගැසීමට වුණත් ඉඩ තියෙනවා. පර්ෆෝමන්ස් අනුව සල්ලි ලැබෙන ක්‍රමයක් නැත්නම් ඒගොල්ලොත් මේක ගණන් ගන්නේ නැහැ. ගැහුවත් නැතත් ගාණ හම්බවෙනවානෙ.
ක්‍රිකට් පාලක මණ්ඩලයේත් ඉන්නේ ක්‍රීඩා සමාජ වල නියෝජිතයන්. ඔවුන් බලනවා ඒගොල්ලන්ගේ කණ්ඩායම් වල ක්‍රීඩකයන් මේකට වැඩියෙන් දාගන්න. මේක අතීතයේත් වුනා.“

මෙම තත්වය යටතේ නව ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදෙන  බවත් වසරේ දක්වන දක්ෂතා මත අදාළ ආදායම් උපයන්නට ඒ අනුව හැකිවනු ඇති බවත් ඇමතිවරයා කියා තිබේ.

 ඉදිරි වසරට අදාළව ක්‍රීඩකයන්ගේ ගෙවන කොන්ත්‍රාත්තු මුදල කාණ්ඩ 5ක් යටතේ වර්ගීකරණය කොට දක්‍ෂතාව මත පදනම් වූ විශේෂ දීමනා ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු යොදා ඇත.

පෙර ගිවිසුමට අනුව ජාතික ක්‍රිකට් කණ්ඩායමට අදාළව ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයකුට ගෙවූ මුදල ඩොලර් 7,500කි. එය නව යෝජිත ගිවිසුම අනුව ඩොලර් 5,000ක් දක්වා අඩුවී ඇත. නමුත් කණ්ඩායම ටෙස්ට් තරගය ජයග්‍රහණය කළහොත් ක්‍රීඩකයකුට ලැබෙන මුදල ඩොලර් 10,000ක් දක්වා වැඩිවනු ඇත. ඊට අමතරව ටෙස්ට් තරගයකදී හා ජාත්‍යන්තර එක්දින තරගයකදී ලකුණු 100ක් ලබාගත් පිතිකරුටත් කඩුලු 5ක් ලබාගන්නා පන්දු යවන්නකුටත් අමතර ඩොලර් 5,000 බැගින් උපයාගත හැකිය. එහෙත් විස්සයි - 20 තරගයකදී එම දක්‍ෂතාවන්ට ලැබෙන ප්‍රසාද දීමනාව ඊටත් වඩා වැඩිය.

එනම් විස්සයි - 20 ජාත්‍යන්තර තරගයකදී ලකුණු 100කට ඩොලර් 7,500ක්ද, කඩුලු 5කට ඩොලර් 7,500ක්ද වශයෙන් ගෙවීමට තීරණය වී ඇත. තවද එක්දින ජාත්‍යන්තර තරගයකදී ඩොලර් 3,000ක්ද, විස්සයි - 20 තරගයකදී ඩොලර් 2,000ක්ද වශයෙන් ක්‍රීඩකයකුට මින් පෙර වසරේ ගෙවූ මුදල එසේම තබා ඇත. 


0 comments:

Post a Comment