--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Wednesday, October 12, 2016

Info Post

මහව අනතුරින් වෛද්‍ය ගෞරි සහ සොයුරිය මරුට - රියදුරුගේ අත් පා කපන්න වෙලා

අනුරාධපුර - පාදෙණිය ප්‍ර‍ධාන මාර්ගයේ දී සිදු වූ කන්ටේනර්- කැබ් රථ අනතුරින් කාන්තාවන් දෙදෙනෙක් එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇත.අනතුරින් මිය ගොස් ඇත්තේ අංක 203, නාවල පාර, බණ්ඩාරිකුලම්, වව්නියාව ලිපිනයේ පදිංචි ගෞරි මනෝහාරි නන්දකුමාර් නැමැති 49 හැවිරිදි වෛද්‍යවරියක හා හතළිස් හැවිරිදි වෛද්‍යවරියගේ ඥාති සොයුරියකි.

අනුරාධපුර දෙස සිට පාදෙණිය දෙසට ගමන් ගනිමින් තිබූ කැබ් රිය  මාර්ගයේ නවතා තිබූ කන්ටේනර් රථයක ගැටී තිබේ.කැබ් රථයේ රියැදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදු වී ඇති බව මහව පොලිසිය කියයි.

බරපතල ලෙස තුවාල ලැබූ කැබ් රථයේ රියැදුරු මහව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර ඔහුගේ එක් පාදයක් හා එක් අතක් කපා ඉවත් කර තිබේ. අත්අඩංගුවේ පසුවන රියැදුරු පොලිස් භාරයේ සිට රෝහලේ ප්‍ර‍තිකාර ලබමින් සිටියි.

(එම්. එම්. ක්‍රිෂාන්)


0 comments:

Post a Comment