--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Tuesday, October 4, 2016

Info Post

පාලකවරුන්ගේ අකුරට වැඩ නිසා කටුනායක ගුවන් ගමන් ප්‍රමාදයක්

ඊයේ (3) සවස සිට ගුවන් ගමන් පාලකවරුන් අරඹා ඇති අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගය  හේතුවෙන් අද දින කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ සියලුම ගුවන් ගමන් විනාඩි 30ක පමණ ප්‍රමාදයකින් යුතුව ධාවනය වෙයි. වැටුප් විශමතාවක් හේතුවෙන් ගුවන් ගමන් පාලකවරු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් හදිසි අවශ්‍යතා සහගි යානා,ගිලනුන් රැගෙන යන යානා මානුෂීය මෙහෙයුම් හා මුදවාගැනීම් කටයුතු සම්බන්ධ දේවල් ප්‍රමාද නොකරන බව ඔවුන් දන්වා ඇත.
ඉල්ලීම් ලැබෙනතුරු මෙම අකුරට වැඩකිරීම නවතන්නේ නැති බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය දන්වා ඇත.


0 comments:

Post a Comment