--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Tuesday, September 27, 2016

Info Post

ලසන්ත විකුමතුංගගේ දේහය ගොඩගැනීම මැද ඩ්‍රෝනයක් ඇවිත් කලබලයක්

ලසන්ත විකුමතුංගගේ දේහය ගොඩගැනීම මැද
ඩ්‍රෝනයක් ඇවිත් කලබලයක්

බොරැල්ල කනත්තේ මිහිදන් කර තිබුණ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනීමේ කටයුතු අද දහවල් සිදුකරන අතරවාරයේ ඒ ආසන්නයට යාමට හෝ කනත්තට ඇතුළුවීමට පොලිසිය මාධ්‍යයට ඉඩ දුන්නේ නැත.
දේහය ගොඩගැනීම මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් ගේ අධීක්ෂණය යටතේ සිදුවිය. එම ස්ථානය කළු පැහැති ඉටිකොළ වලින් ආවරණය කර
තිබුණ අතර එම බාධාව මගහරින්නට කිසියම් මාධ්‍ය කණ්ඩායමක්  ඉහළ අහසට ඩ්‍රෝන කැමරාවක් යොමුකර සියල්ල පටිගත කරගෙන තිබුණි. මෙය දුටු පොලිසිය එම ක්‍රියාව නවත්වන්නට එය මෙහෙයවන කැමරා ශිල්පියා සොයා මාධ්‍ය වේදීන් සිටි ස්ථානයට දුව ආවත් එවැනි අයෙකු සොයාගත නොහැකිව කලබලයක් ඇතිව තිබුනි.
කොළඹ අංක දෙක මහේස්ත‍්‍රාත් අධිකරණයේ මහේස්ත‍්‍රාත්වරයාගේ අධික්ෂණය යටතේ මෙම දේහය ගොඩගැනීම සිදු කර වැඩිදුර පරීක්ෂණ සඳහා අවශ්‍ය කොටස් රැගෙන යන ලදි. මාධ්‍ය වේදීන්ට මෙහිදී ඡායාරූප ගන්නට අවස්ථාවක් නොලද අතර දිරාගිය ශරීර කොටස් රැගෙනයාමෙන් පසු හිස්වූ සොහොනට යාමට පමණක් අවස්ථාව ලැබුණි.







0 comments:

Post a Comment