--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Friday, September 9, 2016

Info Post

නිවසක ලෑලි ගලවා දෙදරු මවක දෙස බලා සිටි තරුණයා පොලිසියට

රාත්‍රි කාලයේ නිවසක ලෑලි ගලවා දරු දෙදෙනා තුරුලු කරගෙන නිදා සිටි කාන්තාවක්‌ දෙස බලමින් සිටි 22 හැවිරිදි තරුණයකුව කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේශ් රණතුංග මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 9 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.


මෙහි සැකකරු වූයේ කළුතර යොන් වීදියේ පදිංචි මොහොමඩ් ඉමාමිඩින් මොහොමඩ් ඉර්ෂාන් නමැත්තාය.කළුතර දකුණ පොලිසියේ සැරයන් (45856) සුනිල් ප්‍රේමරත්න මහතා ප්‍රමුඛ පොලිස්‌ කණ්‌ඩායමක්‌ රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටියදී නිවස ආසන්නයේදීම සැකකරු සමඟ ඔහු ගමන් කළ යතුරුපැදියද අත්අඩංගුවට ගෙන කළුතර දකුණ පොලිසියට භාරදී ඇත.

තමන් සිය සැමියා අතහැර ගොස්‌ ඇතැයි ද මාස තුනක කාලයක සිට පුද්ගලයකු මිදුලේ රාත්‍රියේ සක්‌මන් කරන හෙයින් බියෙන් සිටි බවද එම කාන්තාව දකුණු කළුතර පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක සම්පත් බණ්‌ඩාර මහතා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්‌විණි. කොස්‌තාපල් (55301) ගුණේන්ද්‍ර මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

විජයසිරි විද්‍යාසේකර


0 comments:

Post a Comment