--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Friday, August 19, 2016

Info Post

දුවගේ මංගල චාරිත‍්‍ර අතර පෝරුව මතට ඇද වැටුණ පියා මියයයි

සිය දියණියගේ මංගල දිනයේ පෝරුවේ චාරිත‍්‍ර අතරතුරදී මංගල සභාව මත හෘදයාබාධයකින් ඇදවැටුණ පියෙකු හදිසියේ මියයාමේ පුවතක් පොල්පිතිගමෙන් වාර්තාවේ.
පොල්පිතිගම මඩහපොළ ප‍්‍රදේශයේ ඊයේ (18) පැවති මංගල උත්සවයකදී මෙම සිද්ධිය සිදුවී ඇත. මියගොස් ඇත්තේ පොල්පිතිගම පන්සියගම මඩහපොළ ලිපිනයේ පදිංචි ජී.
එම්. පේ‍්‍රමචන්ද්‍ර නමැති 64 හැවිරිදි පියෙකි.
ඔහුගේ දියණියගේ විවාහය බොහෝ සේ ප‍්‍රමාදව තිබෙන නමුත් මෙම මංගල්‍යය පසුව හෝ හරියාම ගැන පියා අධිාක සතුටින් කල්ගත කර ඇත.
මංගල උත්සවය ගැන අධික සතුටකින් කල්ගත කළ ඔහු රුධිර පීඩනය උග‍්‍රවීමෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවට විශ්වාස කෙරේ.
මංගල දිනයේ සිය දියණිය කැටුව ඇවිත් පෝරුව අසළ චාරිත‍්‍ර නිමවනතුරු සිටගෙන සිට ඔහු ඇද වැටුනේ පෝරුව මතටය.
ඇද වැටුණ අවස්ථාවේ මංගල උත්සවයද අවුල්ව ගිය අතර වහාම  ඔහු පොල්පිතිගම දිසා රෝහලට ඇතුළත් කරන ලද්දේ මනමාලයා විසිනි.
රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වුණා. අවසානයේ මංගල නිවස අවමංගල නිවසක් බවට පත්ව තිබේ.


0 comments:

Post a Comment